Spread the love

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

වයඹ පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.