Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් ඊයේ (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

මෙම පැමිණිල්ල ඊයේ (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බවට සඳහන් කළ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.