Spread the love

ආසන්න මුදලක් ඇය ගෙවා ඇති අතර ඒ අනුව ඉවුරු කාදනය වැලැක්වීම සඳහා පැති බැම්මක් ඉදි කිරීමට සංස්ථාව කටයුතු කළ බවයි සභාපතිවරයා සඳහන් කරයි. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පැවරී ඇති බලතල අනුව මෙවැනි පැති බැම්මක් ඉදිකිරීමට කිසිදු බාදාවක් නැති බවද ඔහු පෙන්වා දෙයි. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩම ඇමතිවරයාගේ බිරිඳට බදු පදනම යටතේ පැවරීමේදී ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට යටත්ව මෙම ඉදිකිරීම් සිදුවන බවද සභාපතිවරයා අවධාරණය කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාට එල්ල වී ඇති අනෙක් චෝදනාව වන්නේ සිය දියණියට අයත් යාබද නිවසට මායිම්ව පවතින තවත් ඉඩමක් ගොඩකරන බවටයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය පවසන්නේ අදාල ස්ථානයේ ගෙන ඇත්තේද ඉවුරු ඛාදනය වැලැක්වීමේ පියවරක් බවයි. ඇමතිවරයාගේ දියණියගේ නිවසට මායිම්ව ඇති සංවර්ධනය කෙරෙන ඉඩම අයත් වන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවටයි. බත්තරමුල්ල, තලවතුගොඩ ඇල ඉවුරු සොදා පාළුවට ලක්වීම වැලැක්වීම සඳහා සිය සංස්ථාව මගින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් එය අදාල ඇල ආශ්‍රීත ප්‍රදේශවල දැනට මාස කිහිපයක පෙර සිටිම ආරම්භ කර ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා ඇමතිවරයාගේ දියණියගේ නිවසට මායිම්ව ඇති ඇල රක්ෂිතයේ සිදුවන්නේද එවැනි ඉවුරු ඛාදනය වැලැක්වීමේ පියවරක් බව අවධාරණය කරයි. ඊට ඇමතිවරයාගේ හෝ ඔහුගේ පවුලේ කිසිදු බලපෑමක් හෝ සම්බන්ධයක් නැති බවද සභාපතිවරයා කියයි.

දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව බොරු වපුරන මෙම කාන්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරන ඇමතිවරයා මෙම කාන්තාවගේ බොරු වලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටී.