Spread the love


නිමල් රාජපක්ෂ-

.

ගොවිජන පනත යටතේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම මේ වනවිට සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් හොරණ කනන්විල ප්‍රදේශයේ වගා කළ හැකි කුඹුරු ඉඩම් ගොඩ කරන පුද්ගලයා සම්බන්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි .


හොරණ කනන්විල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් කිහිපයක් එක්තරා පුද්ගලයෙක් බලාත්කාරයෙන් පස් පුරවා ගොඩ කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි ඉදිරිපත් වී තිබිනි.

ඒ අනුව මෙම ඉඩම් ගොඩ කිරීම සදහා කිසියම් නිලධාරියෙක් මැදිහත් වීමක් හෝ අනුබල දීමක් ඇත් දැයි සොයා බලා ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.