Spread the love

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සහ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුක්තව මෙම නිවේදනය නිකුත් කර ඇත.

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර අද සවස්වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති බව එම නිවේදනය සඳහන් වෙයි.

මේ හේතුවෙන් උතුරු සහ උතුරු මද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඊට අදාළ නිවේදනය පහතින්.