Spread the love


නිමල් රාජපක්ෂ-

තණමල්විල රක්ෂිතයේ අනවසරයෙන් වගා කර තිබු අක්කර දෙකක ගංජා හේනක් කොටු කර ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් එක්කයේ නිලධාරීන් සමත්වී ඇත.
රක්ෂිතය තුළ සැතපුම් ගණනාවක් මරුවැල් ,බොරුවලවල්වලින් හා වන සතුන්ගෙන් බේරී දැඩි පරිශ්‍රමයක් යොදා ගොස් මෙම ගංජා හේන කොටු කර ගැනිමට හැකිවී තිබේ.

ගංජා හේන වටලන අවස්ථාවේ සැකකරුවන් කිසිවකු නොසිටි අතර අඩි පහක් හයක් උසට සරුවට ගංජා හේනේ ගස් වැවී තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් දීපව්‍යාප්ත)ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ,නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.


සුරාබදු නිලධාරි අත්අඩංගුවට ගත් ගංජා හේනේ ගස් සියල්ල ගලවා ගිනි තබා විනාස කර තිබේ . අදාල හේන විනාස කළ පසු යළිත් රක්ෂිතයේ කළ සෝදිසියකදි ගංජා ග්‍රෑම් 1400 ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
එහිදි අදාල සැකකරුව වැල්ලවාය මහේෂ්ත්‍රාත් අධිකරණයවෙත පෙරේදා (25) ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද, කොට මාස 3 සිරදඩුවමක් නියම කොට වසර 5 කට අත්හිටුවා ඇත.

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ(දීපව්‍යාප්ත) අධිකාරී සුනිල් පී. ආරච්චි මහතාගේ උපදෙස් මත , සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ,නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක කසුන් ජයසුමන, කෝප්‍රල්1009 මෙරංග , නියාමනවරුන්වන 1072 මිහිරංග , 1073 රොහාන් බුද්ධික, 1198 පැතුම් සිල්වා , රියදුරු චින්තක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.