Spread the love

වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්මෙම මාසයේ තුළ 2,000 වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි .

පසුගිය මාසවලට සාපේක්ෂ ව එම මාසය තුළ ඩෙංගු රෝගීන් ගේ පහළ යෑමක් පෙන්නුම් කරනු ඇති බව සෞඛ්‍ය අංශ මීට පෙර පුරෝකථනය කර තිබිණි.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඩෙංගු අධිඅවදානම් කලාප මේ වනවිට 07ක් දක්වා පහළ ගොස් තිබුණ ද පවතින වර්ෂාපතනය හමුවේ එය තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.