Spread the love

ඇමරිකා එක්සත් ජනපදයෙන් නව බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසත් එරටට පිටත්ව ගිය බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

අදාළ බදු පැනවීමක් වළක්වා ගැනීම සඳහා මෙහිදී උත්සාහ දරන බවද ඔහු පැවසීය.

ලෝකය අපට ඕනෑ විදිහටම හැසිරෙන්නේ නැති බවත් බාධා පැමිණෙන බවත් එය අවම ආකාරයෙන් විසඳා ගැනීමට උත්සාහ දරන බවද ඔහු පැවසුවේය.

ලොව කුමන ආකාරය ගැටුමක් ඇති වුවත් නොසැලෙන ආකාරයේ ආර්ථිකයක් බිහිකිරීම සඳහා තම රජය කැපවන බවත් ඒ මහතා කියා සිටියේය.

දඹුල්ලේදී පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.