Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුළු සාදයක් ජනාධිපති වරයාගේ පාර්ලිමේන්තු නිල කාමරයේදී පවත්වා තිබේ.

පාර්ලිමේන්තුවේ පැවති කැබිනට් රැස්වීම අවසන් වීමෙන් අනතුරුව එහි ජනාධිපති කාර්යාලයේදී මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

අග්‍රාමාත්‍යවරයා ද ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමති පිරිසක් ඊට සහභාගී වී සිටියහ.