Spread the love

ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන හැත්තෑ හයක් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය පෙන්වා දෙයි.

එම මුදල හීල්ටන් හෝටලයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේනම් උසස්ම තත්වයේ ආහාර සපයා ගැනීමට හැකියාව ඇති බවද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙයි.

එනිසා මෙවන් අංශ පුද්ගලික අංශයට භාරදිය යුතු බව තමන් ආණ්ඩුවට යෝජනා කරන බවද හෙතෙම පැවසීය.

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස්පන්දහසක දීමනාව ඉල්ලා ජාතික රෝහලේ අරක්කැමියන්ද ඇතුළු සුළු සේවක සේවක සංගම් විසින් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.