Spread the love

නාගොඩ සුමන

ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer ආයතනය හා එක්ව එකොළොස්වන වරටත් පවත්වනු ලබන ගාලු කථීකාව ,අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය හෙට (12) පෙරවරු 08.00 ගාල්ල ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඒ සදහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතයි.

එම සම්මන්ත්‍රණය ලබන සිකුරාදා (13) දක්වා පැවැත්වීමට නියමිතයි.

” Emerging New Order in the Indian Ocean” යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 44 ක් සහභාගි වීමට නියමිතයි.

ජාත්‍යන්තර සංවිධාන 11 ක සහ ආරක්ෂක ක්‍ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතනයන්ගේ දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.