Spread the love

ජනතා විමුක්ති පෙරමුණ මූල්‍ය දූෂණයක් හෝ මූල්‍ය විශුද්ධිකරණයක් සිදු කර ඇතැයි තමන් නොකියන බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

අදාල ආන්දෝලනාත්මක මාධ්‍යහමුවේ දී දුමින්ද නාගමුව එවැනි චෝදනාවක් සිද්ධ නොකළ බව පවසන අධ්‍යාපන ලේකම්වරයා, එහිදී දුමින්ද නාගමුව විසින් ප්‍රශ්න කරන ලද්දේ ජවිපෙ සහ පොලිසිය භාර අමාත්‍යවරයා අතර ඇති දේශපාලන ගනුදෙනුව හෙවත් “ඩීල් එක” බවද පවසයි.

පක්ෂයක අරමුදල් කොහේ හෝ තැනක ආයෝජනය කර ඇත්නම්, එය තමන්ට ගැටළුවක් නොවන බව පවසන පුබුදු ජාගොඩ, ප්‍රශ්නය ඇත්තේ, පොලිසිය භාර අමාත්‍යවරයා සමග ජවිපෙට යම් ආර්ථික ගනුදෙනුවක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් බවද පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් සතු තොරතුරු හෙළිකිරීමට පසුබට නොවන බවද ඔහු වැඩි දුරටත් පවසයි.

බලය දේශපාලන සංවාදය හා එක්වෙමින් ඔහු ඒ බව පැවසී ය.