Spread the love

ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ කල කිහිප දෙනෙක් රටින් පලාගොස් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමඟ විදේශගත වී ආපසු මෙරටට පැමිණීමෙන් පසු අදාළ වීසා බලපත්‍රයම උපයෝගී කර ගනිමින් මෙම පිරිස රටින් පැන ගොස් ඇති බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ජනාධිපති වරයාගේ මාධ්‍ය ඒකකයේ පිරිස් වලට රට යන අත ගැන විශ්වාසයක් නැති නම් රටේ අනෙක් මිනිසුන් ගැන කවර කතාදැයි ඔහු විමසීය.

එසේ රටින් පලා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් නම් ගම් සහිතව තොරතුරු ඇති බවත් සදාචාර සම්පන්න නොවන නිසා ඒවා හෙළි නොකරන බවත් ඔහු තවදුරටත් ඒ මහතා සඳහන් කරන ලදී.