Spread the love

ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

පාර්ලිමේන්තු සැසිය අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම ව්‍යාකූල, ඉතාම අමාරු, කටුක අවස්ථාවේ රට ගොඩනගන්න අභියෝගය භාරගත්තා. නිදහස් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ නෑ එතුමා තරම් ප්‍රශ්ණ ගොඩක් මැද රට භාරගත් අයෙක් සිටියාද කියා.

ජනාධිපතිධූරය භාරගත්න කලින් එතුමාගේ නිවස ගිනි තැබුවා, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන තිබුනා, ජනාධිපති මැදුරු, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන තිබ්බා පාර්ලිමේන්තුව වට කරලා, මේ රටේ නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා ආරක්‍ෂාව කඩා වැටිලා තිබුනු අවස්ථාවක තමා ජනාධිපතිතුමා රට භාරගත්තේ.

රට භාරගැනීමෙන් පසු එතුමා ක්‍රමක්‍රමයෙන් දේශපාලන ස්ථාවරත්වය ඇතිකලා, නීතියේ ආධිපත්‍ය ඇතිකලා, ජාතික ආරක්‍ෂාව තහවුරු කලා. ඒ වාගේම ජනතාව පීඩාවට පත්වෙලා හිටපු තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කලා. ජනතාව බේරාගැනීමට එතුමාට හැකියාව ලැබුනා.

එම නිසා අප සැමගේම ගරුත්වයක් එතුමාට තිබෙනවා. අප ජනාධිපතිවරණයට සුදානම්. මැතිවරණ කොමිසම් සභාව මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අපි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

අපි ගෞරවයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනා කරනවා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඒ වගේ මේ රට ඉතාමත් කෙටි කලකින් ගොඩගත්ත ආකාරයටම ඉදිරි වසර කිහිපයත් අරගෙන මේ රට ගොඩනගන්න කියල එයට අවශ්‍ය ශක්තිය ධෛර්යය එතුමාට ලබාදීමට අපද කැපවනවා.