Spread the love

ලබන ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීම හමුවේ හතරදෙනෙකුගෙන් යුත් පවුලකට මසකට රුපියල් 20,470 කට ආසන්න මුදලක් රජයට බදු වශයෙන් ගෙවීමට සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

ලබන වසර සදහා වන රජයේ අපේක්‍ෂිත වැට් බදු ආදායම් මට්ටම කරා ළගාවීමට නම් මෙම මුදල ගෙවීමට සිදුවන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එසේම හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වක්‍ර බදු ලෙස 2023 වසරේ ගෙවූ 25,985 ක ප්‍රමාණය ලබන වසරේ සිට රුපියල් 40,341 ක් දක්වා ඉහළ යන බවද ඔහු සඳහන්

වක්‍රබදු තුළ අන්තර්ගත වන්නේ සෑම පුද්ගයෙකුම භාණ්ඩ හා සේවා මත ගෙවීමට සිදුවන මුදල බවත් ඉන් හරි අඩක් අන්තර්ගතවී ඇත්තේ වැට් බදු බවත්, වක්‍ර බදු ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවා මිලද ලබන වසරේ ඉහළ යනු ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් සඳහන් කළේ.