Spread the love

ජනපති සටනේ ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක නුවරඑළියේදී පැවසීය.

එස්.බී දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි අදහස් දැක් වු එස්.බී දිසානායක මහතා කියා සිටියේ

ඉදිරි ජනාධිපතිවරණයේ තරගය තිබෙන්නේ සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි , ඊට පස්සේ සීයට පහළොවක් වගේ ගන්න කණ්ඩායමක් ඉන්නවා.

ජනාධිපතිවරණයේ ඡන්ද ගොඩවල් තුනක් තියෙනවා ඒකෙනුත් ලොකු ගොඩවල් දෙකක් තියෙනවා එයින් එකක් සමගි ජන බලවේගය අනික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නවා.

ඊට අඩු මට්ටමෙන් 15% මට්ටමේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමට.

ඊළඟට ඉන්නේ සීයට පහට අඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වගේ සුළු පක්ෂ.

අන්තිමටම ඉන්නේ සීයට දෙකකට වඩා අඩුවෙන් ඔය අපෙනුත් කඩාගෙන ගිහින් හදාගත්ත පක්ෂ වලට සහ අලුතෙන් හදාගෙන එන පක්ෂ.

කථානායකට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය පිස්සු විශ්වාසභංගයක් , පොලිස්පති තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේද සීයට සීයක් නිවැරදි.

ඒ විශ්වාසභංගය ජයගන්නවා නම් ඉදිරියට කිසිම තීන්දු තීරණයක් ගන්න වෙන්නේ එම ක්‍රමවේදයටම තමයි ඒ ගැන කිසිදු තර්කයක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ගැන ලියවුණු පොතේ ලියවිලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මුළාවෙච්ච හැටි , රැවටුණු හැටි සහ ඔහුව ඇදවට්ටන්න ගෙනාපු කුමන්ත්‍රණ ගැන තමයි යනුවෙන් එතම පැවසීය.