Spread the love


නිමල් රාජපක්ෂ-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වීම මත අප රටේ මෙතෙක් නොවිසඳුනූ ඉඩම් ගැටළු ගණනාවක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව

වනජීවි හා වනසංරක්ෂණ කලාප යටතේ පවතින ඉඩම් වගා කළ ගොවීන්ට පැන නැගී ඇති ඇතැම් ගැටළු විසදීමේ බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබේ.

මේ නිසා වගා කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම හා මෙතෙක් වගා කරන ලද ඉඩම් සම්බන්ධව ගොවි ජනතාවට පැවැති ගැටළු රැසක් ඉදිරියේ දී විසඳෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වව්නියාව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ (13) පස්වරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති අවස්ථාවේ ඇමතිවරයා මෙම අදහස් පලකලේය.
ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් හා පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරින් මෙන්ම ගොවි නියෝජිතයින් ද සහභාගිවුහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වව්නියාව දිස්ත්‍රික්කය උඳු හා මිරිස් වගාවට ඉතාමත් යෝග්‍ය බැවින් බෝග වගාවේ දී ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලුම ව්‍යාපෘතිවලට උපදෙස් දුන්නේය.