Spread the love

මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාව අද (07) සිට ආරම්භ වෙයි

ඒ අනුව අද සිට දින තුනක් අපේක්ෂකයින් 16 දෙනෙක් සමඟ පස්වරු 3.00 සිට 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බවයි මාර්තු 12 ව්‍යාපාරය සඳහන් ක​ළේ.

මෙම විවාදය රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍යවලට අමතරව “හෙළකුරු ජනවරම” ඩිජිටල් මැතිවරණ තොරතුරු සේවාව ඔස්සේ අදාළ දින තුන පුරා සජීවීව විකාශය කිරීමට නියමිතයි.