Spread the love

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතයි.

ඒ අනුව අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ සඳහන් කළේ.

සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පරීක්ෂාව පසුගියදා ආරම්භ කර තිබිණ.