Spread the love

අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ව ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එසේ පැවසුවේ ටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමිණි