Spread the love

ජනතාව අතර වෛරස උණ රෝගයක් වියාප්තවෙමින් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පැවසීය.

උණ,වමනය හා සෙම්ප්‍රතිශ්‍යාව එහි රෝග ලක්ෂණ වෙයි.

බොහෝ විට ස්වසනය හා ස්පර්ශය මගින් මෙම වෛරසය බෝවීම සිදුවෙයි.

මෙම තත්වය තුළ යළි මුඛ ආවරණ පැළැදිම ඉතා වැදගත් බව පැවසීය.

දින දෙකකට වඩා උණ පවතින්නේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකල යුතුය.

මේ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩිදුරටත් පැවසීය.