Spread the love

අලුත් අවුරුදු නිවාඩුවට හේතුවෙන් ගම්බිම් බලා යාම සඳහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණි ජනතාව ඊයේ සහ පෙරේදා දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ඒ ‍ප‍්‍රමාණවත් පරිදි බස් රථ නොමැතිවීම හේතුවෙනි.

පිටකොටුව දුම්රිය පලට පැමිණි ජනතාවද දුම්රිය ප්‍රමාණවත් නැතැයි චෝදනා එල්ල කළහ.

ප්‍රමාණවත් බස් රතු නොමැතිවීම හේතුවෙන් පොලිසිය විසින් පොලිස් බස් රථ පිටකොටුව බස් නැවතුම්පොළෙන් විවිධ ගමනාන්තයන් කරා යොදවා තිබිණ.

ඒවායේ මුදල් අය කිරීමක්ද සිදුකෙලේ නැත.

කෙසේ වෙතත් අද පිටකොට්ටුව බස් නැවතුම්පොළේ තදබදයක් දක්නට නොලැබුනි.