Spread the love

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද දිනයේ දේශපාලන වේදිකාවට ගොඩ වීමට නියමිතව තිබේ.

ඒ ‘මහජන පවුර’ සංවිධානය විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණයක දේශනයක් කිරීම සඳහාය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ද මෙම සම්න්ත‍්‍රණයේදී අදහස් පළ කරති.

අද සම්මන්ත‍්‍රණය ගැන එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.


ජනතාව පෙළන විදුලි බිල අඩු කළ නොහැකිද? සම්මන්ත්‍රණය සදහා පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම

නිදහසින් පසු ලක් ඉතිහාසයේ මුහුණ දීමට සිදු වූ දැවැන්තම ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ දී ඇත. වත්මන් ආර්ථික අර්බූදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් වත්මන් ආණ්ඩුව විසින් දැවැන්ත විදුලි ගාස්තු ඉහළ දැමීමක් මෑත කාලීනව සිදු කරන ලදී.

එහෙත් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ මතය වනුයේ මෙම විදුලි ගාස්තු සංශෝධනය අසාධාරණ බවත් සාමාන්‍ය විදුලි පාරිභෝගික ජනතාව වෙත මීට වඩා සහනදායි මිලකට විදුලිය ලබාදීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් ය.