Spread the love

ඡන්දයකදී අල්ලස් දීමේ වරදක් සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් 500 දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩිකිරීමට යෝජනා වී ඇතිබව අධිකරණ අමාත්‍යංශය පවසයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත හරහායි.

අදාළ කෙටුම්පත අධීක්ෂණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් ගැසට් කර තිබේ.

ඒ අනුව මැතිවරණයකදී සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමේ වරදකට අයකර රුපියල් 200 දඩය රුපියල් හත් ලක්ෂ පනස්දහසක් දක්වා ඉහළ දමා තිබේ.

ඡන්ද විමසීමකදී අයුතු බලපෑම් කිරීමකදී මෙතෙක් අයකර රුපියල් 500 දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබේ.

ඡන්දයකදී වෙනත් අයෙකු මෙන් පෙනීසිටීමේ වරදට මෙතෙක් අයකර දඩය රුපියල් 300කි.

එය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

ඡන්ද විමසීමක ගනන් හිලව් තැබීම පැහැරහැරිම වෙනුවෙන් අයකර රුපියල් 300 දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා වී තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගැනෙන වැරදි රැසක් සම්බන්ධයෙන් මෙතෙක් පනවා ඇති දඩ මුදල් ඉහළ දැමීමට අදාළ කෙටුම්පතින් යෝජනා කර තිබේ.