Spread the love

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි.

එම නෞකාව එළඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවට මීට පෙර සඳහන් කර තිබූ අතර කෙසේ නමුත් අදාළ නෞකාව සඳහා නිල අවසරය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ අනුව “Shi Yan 6” නෞකාව දින 25ක පමණ කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බව වාර්තා වේ.