Spread the love


නිමල් රාජපක්ෂ

.

ජපන් රටක විදේශීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන චිත්‍රපටයකට රූගත කිරීම් සදහා පසුගිය 24 වැනිදා පැමිණ හැටන් කොටගල , තලවකැලේ ඇල්ල ,හා බදුල්ල යන ස්ථානවල ගොස් සිය රූගත කිරිම් කටයුතු නිමකර ඹවුන් නානුඹයෙන් බැසගියපසු විශේෂිත දුම්රිය ආපසු කොළඹට එන අවස්ථාවේ හැටන් කොටගල දුම්රිය ස්ථාන අතරදි අද සවස 5.45 ට පමණ පීලි පැන තිබේ.
දුම්රිය පීලිපනින අවස්ථාවේ විදේශිකයින් කිසිවකුත් නොසිටි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම් .ජේ ඉදිපොලගේ මහතා පැවසුවේය.
මොවුන් පැමිණි මැදිරි හයකින් යුතු විශේෂිත දුම්රියේ පීලි පැනිමත් සමගින් උඩරට දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ .
මේ වනවිටත් දුම්රිය පීලි ගත කිරීම සදහා මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් එම ස්ථානයට යවා ඇතැයිද ඉදිපොල ගේ මහතා වැඩි දුරටත් කීවේය.