Spread the love

පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බි්‍රතාන්‍ය ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව පළකරන බවත් එම වාර්තාව විමර්ශනයින් පසුව පිළිගැනීමට සූදානම් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (7) පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේදී ඊයෙ (6) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසූහ.

‘චැනල් 4 නාලිකාව’ වාර්තා වැඩසටහනෙන් හෙළි කළ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ පසු පස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැදුණ සියලු වැඳගත් කරුණු මෙන්ම පුද්ගලයන් පිළිබඳව, පාස්කු ප්‍රහාර පිළිබඳව මේ දක්වා කර ඇති විමර්ශන සහ කොමිසන් සභා වාර්තාවලින් හෙළි වුණද නිසි විමර්ශනයකට ලක්නොවූ කරුණු පිළිබඳව ද අපක්‍ෂපාතී සාධාරණ පුළුල් විමර්ශනයක් ආරම්භ යුතු බවත් එම විමර්ශනය ස්වාධීනව කිරීම සඳහා එම විමර්ශනයට ලක්වන පොලිසියේ උසස් තනතුරු දරන සියලුම නිලධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තෙක් අත්හිටුවිය යුතු බවත් අගරදගුරුතුමා කීහ.

එම ප්‍රහාරයේ වින්දිතයන් සාධාරණය ඉල්ලා සිටිය ද නොදෙන පසුබිම තුළ මෙරට සියලුම දෙනාට එම වැඩසටහනේදී ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අවවදානය යොමු කළ යුතු බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වැඩි දුරටත් කීහ