Spread the love


නිමල් රාජපක්ෂ-

ලබන වසර වී නිෂ්පාදනය ප්‍රධාන කර ගත් කෘෂි නිෂ්පාදන කටයුතු පුලුල් කිරීමට වැඩ ⁣පිලිවෙලක් සැලසුම් කලයුතු බව වාරිමාර්ග ඇමතිණී පවිත්‍ර වන්නිආරච්චි පැවසුවාය .

ඇමතිණිය එසේ පැවසුවේ අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේදිය‍
තව දුරටත් අදහස් දැක්වු වාරිමාර්ග ඇමතිණිය, මහවැලි ප්‍රදේශ ඇතුළු සමස්ථ ගොවි ප්‍රජාවට බලපාන ගැටලු වලට විසඳුම් ලබාදීමට කෙටිකාලීන සහ දීර්ඝකාලීන වැඩ පිලිවෙලක් සැකසිය යුතු යි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල වගකීමක් තමන් වෙත බාර දී ඇති බැවින් ඒ සඳහා අමාත්‍යාංශයක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවත් ,තමන්හට පූර්ණ සහය ලබාදෙන ලෙසත් නිලධාරීන්⁣⁣ගෙන් ඉල්ලීමක් කළාය.
මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.