Spread the love

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.