Spread the love

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලේ ජාතික පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන හිමිනමකට එරෙහිව එම පාසලේ දෙමව්පියන් පිරිසක් විසින් මැතිවරණ කොමිසමට හා අධ්‍යාපන කලාප කාර්යාලයට පැමිණිලි කර ඇත.

එම හිමිනම විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් පාසල් කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් සිටි බව පැමිණිල්ලේ දැක්වෙයි.

පාසල් වේලාව තුළ දඹුල්ල නගරයේ තවත් හිමිවරුන් දහදෙනකු සමග අත්පත්‍රිකා බෙදමින් සිටින බවත් එහි සදහන්ය.

එම හිමිනම අද උදෑසන හතයි විස්සට පමණ පාසලට පැමිණ අත්සන් ලේඛණයේ අත්සන් කර මෙම ප්‍රචාරණ කටයුතු වල නිරත වන බව වැඩිදුරටත් සදහන්ය.