Spread the love

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන්පො බැවින් අධ්‍යයන සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සාමාජික ජෝසප් ස්ටාලින් පවසයි.

මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් සිදුකරන තුරු මෙම උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.