Spread the love

තම නිවස අවට හා ඒ ආසන්න ප්‍රදේශය පුරා රාත්‍රී කාලයේ සන්නද්ධ කල්ලියක් යතුරු පැදිවලින් ගමන් කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි නායක දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි.

මෙම යතුරුපැදිකරුවන් රෙදි වලින් හිස් ආවරණය කරගෙන හිස්වසුම් පැළඳ ගමන් කරන බව තම නිවසේ කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් ඵලක් නැති බවද පවසන මන්ත්‍රීවරයා පෙරදී පැමිණිල්ලක් කිරීමෙන් පසු ආරක්ෂක අංශ සාමාජිකයන් දෙසීයක් පමණ තම නිවසට කඩා වැද නිවස පරීක්ෂා කළ බවද කියා සිටියේය.

පොලිසියට තමන් මේ බව ප්‍රකාශ නොකළද තම අනාරක්ෂිතභාවය හා ජීවිත තර්ජන සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව දන්වා යවන ලද බවත් හෙතෙම කියා සිටී.