Spread the love

මුල්කිරිගල – ගුණරත්න

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ලග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේදී තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්  අත් අඩංගුවට ගෙන ඇත .                            අත් අඩංගුවට ගත් සැකකරු වීරකැටිය මීගස්ආරේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි . මෙම ගල්කටස් ගිණිඅවිය සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය . සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා වීරකැටිය පොලිසියට බාර දී තිබේ .             ඔහු (2) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය  . තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිළධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.සී.එල්. මුණසිංහ මහතා ඇතුළු නිළධාරින්  සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ .