Spread the love

පිටකොටුවේ දෙවන හරස්වීදියේ වෙළද සැලක හටගත් ගින්නකින් රෝගී තත්ත්වයට පත්වු 20 දෙනෙකු පමණ ප්‍රතිතාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බවය.

මේ අතර මෙලෙස හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් විෂ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් අසාත්මිකතා ඇතිවූවන් බවටද වාර්තාවෙයි.

සියලුම රෝගීන් වයස අවුරුදු 18 ත් 25ත් අතර පසුවන පුද්ගලයින් බවද වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසුවේ එම රෝගීන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන්ට ඒ වනවිට සිදුවන්නට තිබූ ජීවිත හානි අවම වූ බවය.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට ගින්න මුළුමනින්ම පාලනය කර ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබූ අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙන