Spread the love

හැටන් කුඩාගම සිට හැටන් නගරය දක්වා පාගමනින් පැමිණි පුද්ගලයෙකුව අනතුරට පත් කර පලාගිය ගැස් ප්‍රවාහන ලොරි රථයක් සහ එහි රියදුරු හැටන් පොලිසිය විසින් (22) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කුඩාගම සිට හැටන් නගරය දක්වා පාගමනින් පැමිණි පුද්ගලයෙකුව හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්තැඩන් වත්ත ප්‍රදේශයේදි ලොරි රථයේ ගැටි එම පුද්ගලයා ප්‍රධාන මාර්ගය හරහා වැටි බරපතල ලෙස තුවාල ලබා සිටියදි ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයන් තුවාලකරුව දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ලොරි රථය තලවකැලේ දක්වා ධාවනය කර ඇත.

ලොරි රථය ධාවනය කරන අවස්තාවේ ප්‍රධාන මාර්ගය හරහා පුද්ගලයෙකු ලේ සහිතව වැටි සිටි බවත්, පසුව තුවාලකරු රෝහල් ගත කිරිම සදහා ලොරි රථය ප්‍රධාන මාර්ගයේ නතර කල බව ගැස් ප්‍රවාහන ලොරි රථයේ රියදුරා විසින් ප්‍රදේශවාසින්යට පවසා ලොරි රථය රැගෙන ගොස් ඇත.

ලොරි රථය පිලිබදව සැකසිතු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් ලොරි රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ලොරි රථයේ ලේ පැල්ලමක් තිබි අපරාධ විමර්ෂණ ස්ථානභාර නිලධාරින් විසින් හදුනාගත් බවත්, එම ලේ පැල්ලම රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කරන බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප චිරාජ් කුලසුරිය මහතා කියා සිටියේ.

දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරට පත් පුද්ගලයා අනතුරට පත්විමට පෙර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා අයුරු සහ අනතුරෙන් පසුව ලොරි රථය තලවකැලේ දක්වා ධාවනය කරන අයුරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙලදසැලකට ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.

අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.