Spread the love

තම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අද දිනයේ කොළඹ දී විරෝධතාවක නිරත විමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා .

පසුගිය සදුදා ගුරු වෘත්තීය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම් ගුරුමාරු මණ්ඩල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කලේ .

ජාතික පාසල් මාරු මණ්ඩලය අහෝසි කරන බවටත්, ගුරු මාරු වීම් සියල්ල අහෝසි කරන බවටත් ගෙන තිබූ නියෝගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවද ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියා.

කෙසේ වෙතත් දිවයිනේ සියලුම ජාතකි පාසල් වල දස අවුරුදු හා වාර්ෂික ගරු ැ ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

එමෙන්ම අභියාචනයන්ට යටත් ගුරුවරුන්ට මෙය අදාල නොවන බවයි වාර්තා වන්නේ .

ඒ අනුව මෙම ස්ථාන මාරුවීම් එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කළේ.