Spread the love

ගාසාතීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට තිබූ සියලු අවස්ථාවන් පසුගිය දිනවල අවහිර වීතිබු බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පැවසීය.
දැවැන්ත ප්‍රහාරයකින් ගාසාතීරයේ සන්නිවේදන කුළුණකට සම්පූර්ණයෙන් හානි වී තිබේ.නමුත් මේ වනවිට ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ සිට සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් සිදුවී තිබූ අතර මේ හේතුවෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත්වී සිටින ගාසා තීරයේ ජනතාවට බාහිර ලෝකය සමග තිබූ සබඳතාවන් ගිලිහී ගොස් තිබුණි.

මේ වනවිට ගාසා තීරයේ බොහෝ ප්‍රදේශවල දුරකථන හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර ඇති බව පලස්තීන බලධාරීන් සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෙට (30) දිනයේ යළි රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කිරීමේ පියවර සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉල්ලීමක් මත එලෙස ආරක්ෂක කවුන්සිල රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි