Spread the love

ගාසා තීරයේ පවතින යුද ගැටුම් මධ්‍යයේ මේ වනවිට බොහෝ රටවල් සිය පුරවැසියන් ඉවත් කර ගනිමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
ආසියානු රටවල් වන ඉන්දියාව, තායිලන්තය,ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද එලෙස සිය පුරවැසියන් ඉවත් කර ගනිමින් සිටියි.

සිසුන් ඇතුළු රැකියා සදහා පැමිණි කණ්ඩායම් එලෙස සිය රටවල් කරා රැගෙනගොස් තිබෙ.

බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ගණනාවක් සිය පුරවැසියන් රැගෙන යාම සදහා ගුවන් යානා රැගෙනවිත් තිබේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්වයට මේ වන විට අසල්වැසි රටවල්ද සම්බන්ධ වන තත්වයක් දක්නට ලැබෙයි.

ඒ අනුව ජෝර්දානයේ සිටින හිස්බුල්ලා කණ්ඩායමේ සාමාජිකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාර ගණනාවක් ඊශ්‍රාලයේ ගොඩබිම වෙත පතිත වූ බව පැවසීය.

ඒ සියල්ල ගුවන් ආරක්ෂක නිසයිල පද්ධතිය විසින් වියර්ත කර තිබේ.

මේ අතර මේවන විට උතුරු ගාසා තීරයේ ජනතාව දකුණු ගාසාතීරයට ගමන් කරමින් සිටියි.

ඒ අනුව ඒ හරහා ගුවන් ගමන් බලපත්‍ර ඇති පුද්ගලයන්ට ඊජිප්තුවට ගොස් රටින් පිටවීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.