Spread the love

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබුණු භික්ෂූන් වහන්සේ නමකගේ යැයි සැක කරන මළ සිරුරක් පෙරේදා (10) හමුවී ඇතැයි කොටුව පොලිසිය පවසයි. වයස අවුරුදු 35ත් 40ත් පමණ වන බව බැලූ බැල්මට පෙනී යන මේ මළ සිරුර භික්ෂූන් වහන්සේ නමකගේ යැයි සැක කරන්නේ හිස මුඩුකර තිබීමත් සිරුර අසල අඳන කඩයක් තිබීමත් හේතුවෙනි. උස අඩි 05යි අඟල් 5ක් පමණ වන මෙසේ මියගොස් සිටින්නේ කවුරුන්දැයි ඊයේ (11) සවස්වන තුරුම හඳුනාගෙන නොතිබුණු බව පොලිසිය සඳහන් කළේය.

තඹුත්තේගම විහාරස්ථානයක වැඩ සිටි 46 හැවිරිදි භික්ෂුවක් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා සිට අතුරුදන්ව සිටිති. උන්වහන්සේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි බැවින් ගාලු මුවදොර වෙරළ තීරයෙන් හමුවූයේ උන්වහන්සේගේ සිරුර දැයි පරීක්ෂා කර ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. මළ සිරුරු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතන අතර ඊයේ(11) දවස පුරා මේ ප්‍රදේශයේ මේ හිමිනම සැරිසරා ඇති බව පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.