Spread the love

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු 35ක පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

සිද්ධිය පිළිබද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.