Spread the love

නාගොඩ-සුමන

මෙම වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමිය ප්‍රදේශ වල පුළුල් සංවර්ධනයක් ඇතිකරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

දිස්ත්‍රික්කයට ලැබී ඇති විමධ්‍යගත අරමුදල් වලින් එම සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටි පාසල් අලුත්වැඩියාව,දහම් පාසල් සඳහා උපකරණ ලබාදීම,පෙර පාසල් සංවර්ධනය සහ ගොවි කාන්තා සංවිධාන සඳහා එළවළු පැළ තවාන් ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතයි.

හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ සෑම ග්‍රම නිලධාරී වසමකම තරුණ පිරිසට වෘත්තීය පුහුණුවක් ලබාදීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.