Spread the love

පාස්කු ප‍්‍රහාරයට සම්බන්දයෙන් වන විමර්ෂන වාර්තා මෙතෙක් කාලයක් උදය ගම්මන්පිල මහතා සතුව සඟවාගෙන තබා ගැනීම සම්බන්ධයෙන් ගෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඔවුන් කෑ ගැසුවත් නැතත් ජනාධිපති තුමා සහ නව රජය පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බව ඔවුන් දන්නා බවද හෙතෙම පැවසීය.

වින්දිතයන් නියෝජනය කරන සමාජයන්, ආගමික සංවිධාන ඒ පිළිබඳව විශ්වාසය පළකර ඇති බවද ඔහු කියා සිටියි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.