Spread the love

බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ ගමන් මල්ලක් හා මුදල් පස්සර බස් රථයේදී සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පිටකොටුව පොලීසිය අදාළ සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට පමුණුවනු ලැබීය.

සැකකරු සොරා ගත් බව කියන පැමිණිකාරයට අයත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ද්‍රව්‍ය යෙන්ම පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බවට පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ තරුණිය ඇල්ල බලා පිටත්වයාම සඳහා පිටකොටුව බැස්ටියන් බස් නැවතුම්පොලේ බස් රථයට ගොඩවී සිටින අවස්ථාවේ මෙම සොරකම සිදුවී ඇති බවත් පොලීසිය අධිකරණයට වාර්තා කර තිබිණි.