Spread the love

රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සෙයා ගැනිමට පොලිස් නිලධාරින් සමත්වි ඇත.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්‍යාපාරිකයකු වු මොහු නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන බවට හඳුනාගෙන ඇති බවත් මොහු රැගෙන ආ ගමන් මලු දෙකක සගවා තිබියදි විදේශීය සිගරැට් තොගය සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ..