Spread the love

නිමල් රාජපක්ෂ-

නීීති විරෝධී මත්පැන් සහමුලින්ම ඉවත් කිරීම සදහා දිවයින පුරා සිදු කරන වැටලිම් මාලාව යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයේ නිති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර වටලා රුපියල් ලක්ෂ ගණනක ආදායමක් රජය ලබාදීමට සමත්වු බව බස්නාහිර පලාත 3 සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.


ඒ අනුව මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීම සදහා විශේෂිත වු වැඩසටහන් දියත් කිරිම සදහා නව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා උපදෙස් ලබා දී තිබෙන බැවින් මත් ජාවාරම් කරුවන්ට කිසිදු සමාවක් නොදෙමින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් රෝෂාන් පෙරේරා මහතා පැවසුවේය.


එහි ප්‍රථිපලයක් ලෙස ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා ඇතුළු නිලධාරින් ගණේමුල්ල නගර මධ්‍යයේ නිවසක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක සැකකරුවකුද සමගින් අත්අඩංගුවට ගෙන තිබිණ.

අදාල සැකකරු එදිනම ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා රුපියල් 98000/ දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට තිබිණ.

මීට අමතරව ගම්පහ ,මීරිගම, පුගොඩ සුරාබදු ස්ථාන වල සහ භාගිත්වයෙන් අත්තනගලු ඹය ආශ්‍රතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 8 ක් වැටලීමට සුරාබදු නිලධාරීන් සමත්විය.එහිද සැකකරුවන් 5 දෙනෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට හැකීවි තිබිණ.

විඩියෝව නරඹන්න


සුරාබදු කොමාසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතා ගේ උපදෙස් මත, බස්නාහිර පලාත 3 සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා , ගම්පහ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ මීරිගම පුගොඩ සුරාබදු ස්ථානවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම් සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න