Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් විවිධ කරුණු මූලික කර ගනිමින් පිල් මාරු කිරීමේ තීරණය ගැනීමට දෙගිඩියාවකින් සිටින බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පිල් මාරු කරන මන්ත්‍රීවරුන්ට ලබා දෙන තනතුරු, වරප‍්‍රසාද ආදිය ගැන අවසන් එකගතාවකට පැමිණීමට නොහැකිවීම මීට දැඩිව බලපා තිබේ.

සමගි ජනබල වේගයේ ප්‍රබලයෙකුට ඉල්ලන ලද තනතුරක් ලබා නොදීම හේතුවෙන් යළිත් එම පක්‍ෂයට සම්බන්ධ වීමට පණිවිඩ එවමින් ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ජනතා කැමැත්ත පිළිබඳ සමීක්ෂණ වාර්තා විමර්ශනය කිරීමෙන් පසු පක්ෂ මාරු කිරීම හෝ නොකිරීම ගැන තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණයට පෙර මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ මෙහෙයුම් දේශපාන පක්ෂ තුළ දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් ඇති බවද සඳහන්ය