Spread the love

මුල්කිරිගල ගුණරත්න

නීති විරෝධී අයුරින් ගජමුතු තුනක් ලග තබාගත් යුද හමුදා සෙබෙලෙකු (01) දහවල් තංගල්ල නගරයේදී අත් අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.

යාපනය ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන 26 හැවිරිදි සැකකාර සෙබලා අනුරාධපුර කල්අංචිය, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී ගජමුතු රැගෙන අනුරාධපුර සිට තංගල්ලට බස්‍ රියකින් පැමිණෙන බවට තංගල්ල කොට්ඨාස බුද්ධි ඒකකයේ නිළධාරින්ට තොරතුරක් ලැබී ඇත . ඒ අනුව සැකකරු තංගල්ලට පැමිණ ලැගුම් හලක් වෙත යාමට සූදානම්ව සිටියදී තංගල්ල නගරයේ පාලම අසලදී සෝදිසි කර ඔහු ලග තිබී ගජමුතු තුනක් සොයාගැනීමෙන් පසු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න උපදෙස් මත තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළබිදව ැඩි දුර පරික්ෂණ පවත්වයි.