Spread the love

වව්නියාව දිස්ත්‍රීක්කයෙන් පසුගිය 2023 වසරේදී අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානයන්හි අත්අඩංගුවට පත් වූ කේරල ගංජා කිලෝ 300 ක ප්‍රමාණයක් ගිනිතබා විනාශ කරන ලෙසට වව්නියාව මහාධිකරණ විනිසුරු ඒම්.ඉලංචේලියන් මහතා නියෝග කොට ඇත.

වව්නියාව මහාධිකරණයේදී කේරල ගංජා සම්බන්ධයෙන් විභාග වූ නඩු 12 ක නඩු කටයුතු අවසන් වීම හේතුවෙන් මෙම කේරල ගංජා කිලෝ 300 ක ප්‍රමාණය ගිනිතබා විනාශ කරන ලෙසට මහාධිකරණ විනාසුරුතුමන් නියෝග කරනු ලැබීය.

ඒ් අනුව මහාධිකරණ නිලධාරන් පිරිසක් සහ අධිකරණ පොලිස් නිලධාරීන් පිරිසකගේ අධික්ෂණයන් පරිදි වව්නියාව ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී අදාල කේරල ගංජා තොගය ගිනිතබා විනාශ කිරීමට පියවර ගන්නා ලදි.

ඒහිදී අදාල ප්‍රදේශයේ ජනතාව නොමැති ප්‍රදේශයකට කේරලගංජා තොගය රැගෙන ගොස් සෞඛ්‍යාරක්ෂිතව ගිනිතබා විනාශ කිරීමට අධිකරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබීය.