Spread the love

තීරුබදු බදු නොගෙවා මෙරටට ගෙන්වු කෝටි 3ක් වටිනා භාණ්ඩ තොගයක් සමඟින් සැකකරුවන් හතර දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක, ඇපල් ජංගම දුරකථන ඇතුළු විවිධ මාදිලියේ ජංගම දුරකථන, ජංගම දුරකථන උපාංග, විදෙස් දුම්වැටි, ස්වර්ණාභරණ, විවිධ වර්ගයේ මත්පැන්, සුවඳ විළවුන් සහ මෝටර් රථ අමතර කොටස් තොගයත් තිබු බව පොලිසිය පවසයි.

අදාල සැකකරුවන් ඉතා සුක්ෂම ලෙස සියලු පරීක්ෂණ ආයතන මගහරිමින් එම භාණ්ඩ ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, වීරකැටිය, පුත්තලම සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙක් වන අතර මෙම පිරිස දෛනිකව මෙලෙස ඩුබායි ඇතුළු විවිධ රටවල් වෙත ගොස් භාණ්ඩ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව වෙත රැගෙනවිත් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළබද පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.