Spread the love


නිමල් රාජපක්ෂ-


කොළඹ මැනිං වෙළඳපොළේ පමණක් අනවසර වෙළඳසැල් 231ක් තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් එම වෙළඳසැල් ඉවත් කිරීම පිළිඳවද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර එම වෙළඳසැල් ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අනුකමිටුවක් පත්කර තිබෙන බවද අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි වැඩිදුරටත් පවසයි.

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.
ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය. ඔහු පවසන්නේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි.
එබැවින් කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙසයි.